පිදුරුතලාගල කන්ද වගේම ඒ අවට රක්ෂිතය නුවරඑළිය නගරයේ ඉඳලා බැලුවම පේන්නේ පොඩි ප්‍රදේශයක් විදියට. ඒත් පිදුරුතලාගල රක්ෂිතය කෙතරම් විශාලද යන්න Rook wood වතුයාය පැත්තට ගියාම බලාගන්න පුළුවන් මේ වතු යායට පිදුරුතලාගල කඳුවැටියේ පිටුපස (බටහිර බෑවුම) හෝප් වත්ත,හේවාහැට, දෙල්තොට වගේ සංචාරකයන් අඩුවෙන් යන ප්‍රදේශ දැකගන්න පුළුවන්.
හෝප් වතු යාය මුහුදු මට්ටමේ සිට මීටර් 1220 - 1839 අතර ප්‍රදේශය පුරා පැතිර ඇත. පහල කොටස, මැද කොටස,පට්ටරමලේ(ඉහල කොටස) යන කොටස් තුනෙන් සමන්විත මෙම වතුයායට ඉහලින් ඇත්තේ මීදුමෙන් නිතර වැසී පවතින පිදුරුතලාගල රක්ෂිතයේ මීටර් 2000ට වඩා උස සාමිමලේ කඳුවැටියයි.පට්ටරමලේ කොටස කිසිම ජල හිඟයක් නොමැති විශාල ගල් කුටි විසිරුණු විශාල ප්‍රදේශයකි. කලකට පෙර නාය යෑමකට ලක් වූ ප්‍රදේශයක් ලෙස පෙනෙන මෙම ප්‍රදේශයේ කදු නිවාස පසු කර
ඉහළට යන විට මහ වනය කරා ගමන් කරන මාර්ගයේ මද දුරක් ගමන් කිරීමේදී සොභාවික නාන තටාකය හමු වේ. පිදුරුතලාගල රක්ෂිතයෙන් ඇරඹෙන පට්ටරමලේ ඇළ හරස් කර 2011 දී එවකට වතු අධිකාරී සංජීව ගුණස්කර මහතාගේ මූලිකත්වයෙන් සහකාර
වතු අධිකාරී චාමික ද සිල්වා, අමිල සුජාන් හා සහකාර ත්‍ර
නිළධාරී ඉලංගකෝන් මහතාගේ දායකත්වයෙන් තේ වතු යාය අවසන් වී රක්ෂිතය ආරම්භ වන ස්ථානයේ මෙය ඉදි වූ බවට සඳහන්.
ඇලපාරදිගේ ඇතුලට ගමන් කිරීමට ඇති මාර්ගයඅමුතු
සුන්දරත්වයක් එක් කරන අතර ඇළ හරහා ලී වලින් ඉදි කර ඇති පාලම මෙන්ම තටාකය ආසන්නයේම ඇති ගිම්භන කුටිය ඒ සුන්දරත්වයතව වැඩි කරයි.මේ අවට මීවන ශාක වගේම පාසි සහිත පරිසරය නෙතට මෙන්ම ගතටද දනවන්නේ කියාගත නොහැකි හැඟීම් සමුදායකි.
හඟුරන්කෙත රිකිල්ලගස්කඩ හේවාහැට හරහා දෙල්තොටදෙසට කිලෝමීටර්දෙකක් පමණ යන විට හමුවන මුල්බය හන්දියෙන් වමට හැරී මුල්මය මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ යනවිට හමුවනහෝප්වත්ත කර්මාන්ත ශාලාව පසු කර මීටර් 300ක් පමණ
ඉදිරියෙන් හමුවන හෝප් මංසන්දියෙන් වමට හැරී එම වතු මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ
ඉහලට ගමන් කිරීමෙන් මෙන්ම ගලහහරහා දෙල්තොට සිට හේවාහැට දෙසට කිලෝමීටර් 10ක්
පමණ ගිය විට හමුවන දාරාඔය හන්දියෙන් දකුණට හැරී හෝප් වත්ත මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගමන් කර හෝතේ කර්මාන්ත ශාලාව අසලට පැමිණ ඉහත මාර්ගය ඔස්සේ මෙම නාන තටාකයට ලගා විය හැකිය. මේ මාර්ග දෙක්ම අවසානය කෙතරම් සොඳුරු වුවත් මාර්ගය ඉතා දුෂ්කරය.
අප අනාගත පරපුරට අප රටේ සුන්දරත්වය හා වටිනාකම අවබෝධ කරවීමට මෙම පරිසර පද්ධතිය අනිවාර්යයෙන්ම රැකගත යුතු උවත් අවාසනාව නම් මෙම පරිසර පද්ධතිය විනාශ කරමින් පිදුරුතලාගල රක්ෂිතය කපා වගා කටයුතු සඳහා යොදා
ගැනීම . අධි සංවේදී සොභාවිකපරිසර පද්ධති තුළ කෘතීම ඉදි කිරීම් ආරම්භ කර තිබීම, මත් ද්‍රව්‍ය භාවිතා
නොකරන ලෙස දැන්වීම් සවි කර ඇතත් මත් ද්‍රව්‍ය භාවිතය හා එම පරිසර පද්ධතිය කපා විනාශ කිරීම ආදී මිනිස් ක්‍රියාකාරකම් දැකගත හැකිය. මෙම ස්ථානයට ලගා වීමට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා ස්ථානයක් හා කුටියක් ඇතත් එහි කිසිවෙකු නොමැත. මෙම පරිසර පද්ධතිය රැක ගැනීමට නම් නිසි ක්‍රමවේදයකට අනුව
නිළධාරීන් යොදවා විනාශකාරී මෙන්ම අපචාර ක්‍රියා වලක්වා මාර්ග සංවර්ධනය කොට මග සළකුණු දක්වා ගමන් පහසුව සැලසීමෙන්අප රටේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් සැලකියයුතු දායකත්වයක්සපයා දිය හැක. එසේ ක්‍රමවත්ව මෙම පරිසර පද්ධතිය රැකගෙන
රටේ දියුණුවට මානව සංහතියේ නිවීමට යොදා ගත නොහැකි නම්මෙම නොයිඳුල් සොභාවික පරිසර පද්ධතිය කලගුණ නොදත්මිනිසාට ලංවිය නොහැකි සේ හුදෙකලා කිරීම සමස්ත මිහි මවට
අප ලබනා හුස්ම පොද වෙනුවෙන් ඉටුකල හැකි වගකීමකි.
ප්‍රසන්න සඳරුවන්



Comments
Post a Comment