Skip to main content

Posts

Showing posts from May, 2021

නාන තටාකයක්

  පිදුරුතලාගල කන්ද වගේම ඒ අවට රක්ෂිතය නුවරඑළිය නගරයේ  ඉඳලා බැලුවම පේන්නේ පොඩි ප්‍රදේශයක් විදියට. ඒත්  පිදුරුතලාගල රක්ෂිතය  කෙතරම් විශාලද යන්න Rook wood වතු යාය පැත්තට ගියාම බලාගන්න පුළුවන් මේ වතු යායට  පිදුරුතලාගල කඳුවැටියේ පිටුපස (බටහිර බෑවුම) හෝප් වත්ත, හේවාහැට, දෙල්තොට වගේ සංචාරකයන් අඩුවෙන් යන ප්‍රදේශ  දැකගන්න පුළුවන්. හෝප් වතු යාය මුහුදු මට්ටමේ සිට මීටර් 1220 - 1839 අතර ‍ප්‍රදේශය පුරා පැතිර ඇත. පහල කොටස, මැද කොටස, පට්ටරමලේ(ඉහල කොටස) යන කොටස් තුනෙන් සමන්විත මෙම   වතුයායට ඉහලින් ඇත්තේ මීදුමෙන් නිතර වැසී පවතින පිදුරුතලාගල  රක්ෂිතයේ මීටර් 2000ට වඩා උස සාමිමලේ කඳු වැටියයි. පට්ටරමලේ කොටස කිසිම ජල හිඟයක් නොමැති විශාල ගල් කුටි  විසිරුණු විශාල ප්‍රදේශයකි. කලකට පෙර නාය යෑමකට ලක් වූ  ප්‍රදේශයක් ලෙස පෙනෙන මෙම ප්‍රදේශයේ කදු නිවාස පසු කර ඉහළට යන විට මහ වනය කරා ගමන් කරන මාර්ගයේ මද දුරක් ගමන්  කිරීමේදී සොභාවික නාන තටාකය හමු වේ. පිදුරුතලාගල රක්ෂිතයෙන්  ඇරඹෙන පට්ටරමලේ ඇළ හරස් කර 2011 දී එවකට වතු  අධිකාරී සංජීව ගුණස්කර මහතාගේ මූලිකත්වයෙන...