සුන්දර පරිසරයක් ඉතාම ශීත දේශගුණයක් කිව්වම අප හැමෝටම මතක් වෙන්නේ'ආ ඒ නුවරඑලියනේ කියලා.දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉතාම ආකර්ෂණීයම සංචාරක ප්‍රදේශය නුවරඑලිය කියලා කිව්වොත් මම නිවැරදියි.දළදා වහන්සේ වැඩ සිටින මාලිගාව,වීර මද්දුම බණ්ඩාර කිව්වොත් හැමෝටම මතක් වෙන්නේ ආ ඒ මහනුවරනේ කියලා.නුවරඑලියට නොදෙවෙනි සංචාරක ආකර්ෂණයක් සෙංකඩගලට තිබෙනවා කියා පැවසුවහොත් මං නිවැරදි.
අප හැමෝම නුවරඑලියේ ගියොත් ග්‍රෙගරි වැව, හොර්ටන් තැන්න,, හග්ගල උද්භිද උද්‍යානය බලන්න යනවා මොකද ඒවා ඉතාමත් ප්‍රසිද්ධ ස්ථාන නිසා.නුවර ගියොත් දළදා මාළිගාව, පේරාදෙණිය උද්භිද උද්‍යානය , සරදියෙල් ගම්මානය බලන්න යනවා.මේ ස්ථාන වලට අමතරව තව කොච්චර සොදුරු තැන් ලංකාවේ තියනවද. මිනිස් ඇසට නොගැටුණු මේවගේ සොදුරු වැවක් ,පරිසර පද්ධතියක් ගැන තමයි මම අද කියන්න යන්නේ.
නුවරඑලිය දිස්ත්‍රික්කයත් මහනුවර දිස්ත්‍රික්කයත් වෙන්වන මායිමට මදක් දුරින් නුවරඑලිය දිස්ත්‍රික්කයට වන්නට තමයි මේ සොඳුරු පරිසර පද්ධතිය පිහිටලා තියෙන්නේ.. ලංකාවේ පළමු වාණිජ තේ වගාව වන ලූල්කදුර වතුයායේ උඩ කොටසේ පිහිටා ඇත.ඇසූ පමණින් කිසිවකු මේ පිළිබඳව නොදනී.නමුත් දැන් දැන් යම් පිරිසක් මෙය නැරඹීමට ඇදෙන බව මා දැක තිබේ.ඔබ මහනුවර සිට පැමිණෙනවා නම් මහනුවර පේරාදෙණිය ගහලා හංදියෙන් වමට හැරී ගහලා දෙල්තොට පසුකර හේවාහැට පාරේ පැමිණ මේ සොඳුරු පරිසර පද්ධතියට පිවිසීමට පුලුවන.ගමන් ගන්නා අතරමග ඔබට වික්ටෝරියා ජලාශයත්.සොරබොර ආදී වූ වැව් ඈතින් දිස්වන්නේ මනස්කාන්ත දර්ශනයක් මවමිනි.වැව්තාවුල්ලට මදක් දුරින් පිදුරුතලාගල රක්ෂිතයත් ඇති අතර නිතරම එම ප්‍රදේශය මීදුමෙන් වැසී සුන්දර දසුන් මවයි.
![]() |
මෙය නැරඹීමට පැමිණෙන ඔබට-:
සුන්දර පැදුරුතලාගල(පට්ට්‍රමලේ)කන්ද තරණය කර හැකි ය
බයිසිකල් පැදීම කදවුරු බෑදීම වැනි කටයුතු සිදු කර හැකි ය
ලංකාවේ පළමු වාණිජ තේ වගාව නැරඹීමට හැකිය (ලංකාවේ පලමු තේ ගස් ඇතුලුව)
නවාතැන් පහසුකම් ලබාගැනීම සඳහා මීට ආසන්නතම සුන්දර හොටෙල් පරිශ්‍රයක් පහත දක්වා ඇත "Welcome to Marabedda Gardens Resort | Marabedda Gardens Resort" http://www.marabeddaresort.lk
ඔබ පැමිණෙනවා නම් ඔබගේ පියසටහන් පමණක් තබා යාමට සිහියේ තබා ගත යුතුය.එසේ වුවහොත් ලක්මවගේ ඇකයේ වැඩී හැදුන මේ පරිසර පද්ධතිය මතු අනාගත පරපුරටත් දැකගැනීමට රැකෙනවා නොවනුමානය..
මෙය මාගේ පළමු ලිපිය වන අතර ඔබගේ අදහස් මාහට රන්මසු වැනිය.එමනිසා අඩුපාඩු ඇතොත් අදහස් විදිහට ලියන්න මා ආරාධනා කරනවා
^^සම්පත්^^




good
ReplyDelete